Thursday, February 11, 2016

ඒබ්‍රහම් මස්ලෝගේ අවශ්‍යතා ධුරාවලිය

භෞතික අවශ්‍යතා             -       ආහාර , ඇඳුම්
ආරක්ෂක අවශ්‍යතා           -       රැකියා සුරක්ෂිතභාවය , මානසික හා ශාරීරික උපද්ද්රව වලින් ආරක්ෂා වීම 
සමාජීය අවශ්‍යතා              -       ආදරය , කරුණාව 
මමත්ව අවශ්‍යතා               -       තත්වය , පිළිගැනීම 
ආත්ම පරිපුර්ණ අවශ්‍යතා  -       තමාට හැකි උපරිම පුද්ගලයා වීම 




ව්‍යාපාර පසුබිම


ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා වුමමනා තෘප්තිමත් කිරීමට නිර්මාණය කල ලාභ අපේක්ෂිත  ඕනෑම කාර්යයක් ව්‍යාපාරයක් ලෙස සරලව හැඳින්විය හැකිය.  (මෙහි වැඩි විස්තර ලබාගැනීම සඳහා අපගේ වෙබ්  අඩවිය සමඟ සම්බන්ධ විය හැකිය  www.bsgurugedara.com/)


ව්‍යාපාර අධ්‍යනයේදී අධ්‍යනය කල යුතු මූලික සංකල්ප 


අවශ්‍යතා 


               අවශ්‍යතා යනු,
                                     මිනිසා ජිවත් වීමේදී අනිවාර්යයෙන් සපුරා ගත යුතු කායික හා මානසික අවශ්‍යතාවයන් වේ. 

අවශ්‍යතාවයකට ආවේණික ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය .

  • පොදු වීම 
  • විකල්ප නොමැති වීම 
  • ප්‍රාථමික වීම 
  • සීමිත වීම 
  • මිනිසා බිහිවීමත් සමඟ ජනිත වීම 

වුවමනා 

                වුවමනා යනු,
                                     මිනිස් අවශ්‍යතාවයන් සපුරා ගන්නා විවිධ ස්වරූපයන් වේ. 

නිදසුන් :       අවශ්‍යතා                          වුවමනා 

                  ආහාර                                 බත් , පාන්
                  ඇඳුම්                                  කලිසම් , කමිස 
                  නිවාස                                තට්ටු නිවාස , පැල්පත් 






අපගේ වෙබ් අඩවියට සමගාමිව පවත්වා ගෙන යන මෙම බ්ලොග් අඩවිය ව්‍යාපාරික විෂය ක්ෂේත්‍රය පිළිබඳ ඔබගේ දැනුම වඩ වඩාත් ඉහළ නැංවීම අපගේ ප්‍රධාන අරමුණයි.
          මේ හරහා ඔබට අපගේ යාවත්කාලීන තොරතුරු  ඉක්මනින් හා පහසුවෙන් ලබගත හැකිවනු ඇත .